spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බෝගම්බර රැඳවියන්ට තාප්පයට උඩින් දුමිකොල සැපයූ මුගටියා අත්අඩංගුවට

බෝගම්බර බන්ධනාගාර රැදවියන්ට තාප්පයට උඩින් සුක්ෂමව දුමිකොල සැපයු මුගටියා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.තෙල්දෙණිය පොලිස් වසමේ පහල කොලොංගහ වත්ත හංදිය අසල දී වැටලීමක් සිදුකර තිබෙන්නේ.

එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 140 ක් සන්තකයේ තබාගෙන සිටි කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම පුද්ගලයා කෙන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන මුගටියා යන අනුවර්ථ නාමයෙන් හදුන්වනු බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

වසර 13 ක් බන්ධනාගාර ගතව සිට ඇති අතර, පල්ලේකැලේ (බෝගම්බර) බන්ධනාගාරයේ රැඳවියන් වෙත දුම්කොළ ආදිය තාප්පය මතින් සුක්ෂමව සපයනු ලබන පුද්ගලයකු බවට හඳුනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?