Indian Premier League

බුරන හඬට කෝප වී සුනඛයා මරා දැමූ පාපතරයා පොලිස් දැලේ

අයාලේ යන සුනඛයෙකුගේ නිරන්තර බුරන හඬ නිසා කෝපයට පත් පුද්ගලයෙක් ගඩොලකින් ගසා එම සුනඛයා මරා දැමූ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

එම පුද්ගලයා සුනඛයා මරාදමන අයුරු වෙළඳසැලක සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබූ අතර එය සාක්ෂියක් ලෙස ගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර් හි මෙම සිදුවීම සිදුව ඇති අතර,සී.සී.ටී.වී. දර්ශනවල දැක්වෙන්නේ ජැකී නම් මෙම පුද්ගලයා සුනඛයාගේ හිසට ගඩොල්වලින් පහර දෙන ආකාරයයි.

වෙළඳසැලේ හිමිකරු විසින් සී.සී.ටී.වී. දර්ශන පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු සොයා සිදුකළ විමර්ශනයක දී ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තාකර තිබුණේ.

“දිගින් දිගටම බල්ලා බුරන නිසා තමන් කෝපයට වූ බවත් ඒ හේතුවෙන් අයාලේ ගිය බල්ලා මරා දැමීමට තීරණය කළා” යනුවෙන් අත්අඩංගුවට පත් සැකකරු පොලිසියට පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?