බුරන හඬට කෝප වී සුනඛයා මරා දැමූ පාපතරයා පොලිස් දැලේ

අයාලේ යන සුනඛයෙකුගේ නිරන්තර බුරන හඬ නිසා කෝපයට පත් පුද්ගලයෙක් ගඩොලකින් ගසා එම සුනඛයා මරා දැමූ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

එම පුද්ගලයා සුනඛයා මරාදමන අයුරු වෙළඳසැලක සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබූ අතර එය සාක්ෂියක් ලෙස ගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර් හි මෙම සිදුවීම සිදුව ඇති අතර,සී.සී.ටී.වී. දර්ශනවල දැක්වෙන්නේ ජැකී නම් මෙම පුද්ගලයා සුනඛයාගේ හිසට ගඩොල්වලින් පහර දෙන ආකාරයයි.

වෙළඳසැලේ හිමිකරු විසින් සී.සී.ටී.වී. දර්ශන පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු සොයා සිදුකළ විමර්ශනයක දී ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තාකර තිබුණේ.

“දිගින් දිගටම බල්ලා බුරන නිසා තමන් කෝපයට වූ බවත් ඒ හේතුවෙන් අයාලේ ගිය බල්ලා මරා දැමීමට තීරණය කළා” යනුවෙන් අත්අඩංගුවට පත් සැකකරු පොලිසියට පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30