AFC Banner
Empty Ad
Empty Ad

බිළිඳු මළ සිරුරක් මහ පාරේ – හිසටත් තුවාල

කුලියාපිටිය තුම්මෝදර ප්‍රදේශයේ මහ මග දමාගොස් තිබූ බිළිඳු මළ සිරුරක් අද(19) සොයාගැනීමට කුලියාපිටිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ අසළින් ගමන්ගෙන තිබූ අයෙකු දැක ප්‍රදේශවාසීන් සමග පැවසීමෙන් පසුව එසේ පොලිසියට පවසා තිබුණා.

එම ස්ථානයට පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ පරීක්‍ෂණ සිදුකළ අතර පොලිසිය පැවසූයේ එය දිනක් හෝ දෙකක් වයසැති හොඳින් වැඩුන බිළිඳු මළසිරුරක් බවයි.

එම මලසිරුරේ හිසට යම් හානි සිදුව තිබූ බවක්ද දක්නට තිබූ බවත් පැවසූ පොලිසිය ඒ පිළිබඳව පොලිස් අපරාධ ස්ථානීය පරීක්‍ෂක කණ්ඩායම්ද යොදාගනිමින් විමර්ශන සිදුකරනු ලැබුවා.

අදාළ බිළිඳු මෘතදේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් උපුල් අලගියවන්න මහතා විසින් සිදුකළ අතර ඒ අනුව දේහය ඉදිරි පරීක්‍ෂණ සිදුකිරීමට ශික්‍ෂණ රෝහලට යොමු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?