ගංජා වැටලීම සිදුකළ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රී ශාන්තගෙන් ප්‍රහාරයක් ? – නිලධාරියා රෝහලේ (වීඩියෝ)

රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු කණ්ඩායමක් පහරදුන් බව පවසමින් පොලිස් නිලධාරියෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ සූරියකන්ද පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පොලිස් නිලධාරියා පසුගියදා සූරියකන්ද පොලීසිය මගින්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ මාමණ්ඩියගේ ඉඩමක සිදුකළ ගංජා වැටලීම සහභාගී වී ඇති බවයි වාර්තා වුණේ.

කොළොන්න පොලිස් වසමේ දී මෙම පහරදීම සිදුව ඇති අතර, පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා මේ වනවිට ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ‘දසත නිවුස්’ කොළොන්න පොලිසින් විමසීමක් කළ අතර, එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් රෝහල් ගතව සිටින පොලිස් නිලධාරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් නිලධාරින් මේ වනවිට රෝහලට ගොස් ඇති බවයි.

මේ අතර සූරියකන්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ තම පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පහර කෑමකට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවට තොරතුරක් ලැබුණු බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සඳහන් කළේ තමන් මළ ගෙදරකට සහභාගී පැමිණෙමින් සිටින අතර තුර, අතර මඟ වාහනය නතර කළ ස්ථානයක දී අදාළ පොලිස් නිලධාරියා තමා සමඟ ආරවුලක් ඇතිකරගත් බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී කිසිඳු පහරදීමක් සිදු නොවූ බව සඳහන් කළ මන්ත්‍රීවරයා, අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ පොලිස් නිලධාරියා බීමතින් සිටි බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිත සේනාරත්න පවුල එක්කම නන්දා මාලනීට සමුදෙන්න එයි - සුනිල් අතින් දෙන්නා කිව්ව අතීත කතාව
01:52
Video thumbnail
හැමෝම කලාකරුවෝ කිව්වට මාලනී වගේ ටිකයි ඉන්නේ කලාකරුවෝ - කලාකරුවෙකුගෙන් සංවේදී ප්‍රකාශයක්
02:03
Video thumbnail
දිවුලපිටියට කරදරයක් වූ කුණු කන්ද ඉවත් කර පිරිසිදු කරයි - සභාපතිට ජනතාවගේ ප්‍රසාදය
02:24
Video thumbnail
නන්දා මාලනී ගැන දයාසිරි අතීතය මතක් කරමින් කියූ දේ - ඇයගේ ගීතවලින් අපි පණ ලැබුවේ
02:19
Video thumbnail
සනත් ජයසූරිය මාලනී ගැන කිව්ව දුක්බර කතාව - මට කියන්න වචනත් නෑ - ලොකු පාඩුවක්
01:21
Video thumbnail
“ඇය තමයි අපේ ජාතියේ හඬ පෞරුෂය”
01:22
Video thumbnail
නන්දාමාලනියගෙන් උදාගම්මානයක් හදන්න ගිය සජිත්ට එතුමිය දීපු පිළිතුර අද සජිත් කියයි...
00:39
Video thumbnail
මාලනියට සුනිල් ආරියරත්නයන් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම - ඒ හිතේ කොච්චර දුකක් ඇත්ද ?
00:27
Video thumbnail
සජිත් නන්දා මාලනී ගැන කළ සංවේදි ප්‍රකාශය - මට ආශාවක් තිබ්බා උදා ගම්මානයක් හදන්න
09:35
Video thumbnail
දැයෙන් සමුගත් නන්දා මාලනීයට සමුදෙන්න සජිත් එයි - දේහය ළඟ සජිත් සංවේදී වුණ හැටි
01:16