ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ලබන සතියේ ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ විනාශයෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පශ්චාත් ආපදා ප්‍රතිසාධන සැලැස්ම සඳහා සහාය දැක්වීම ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිත බවයි වාර්තා වුණේ.

එමෙන්ම “අසල්වැසියාට ප්‍රථමයෙන්” යන ඉන්දීය ප්‍රතිපත්තිය සහ හවුල් සමුද්‍රීය අවශ්‍යතා පිළිබිඹු කරමින් අඛණ්ඩ ප්‍රතිසංස්කරණ සහාය කෙරෙහි අවධානය ද එස්. ජයශංකර්ගේ මෙම සංචාරය තුළ යොමු කරනු ඇති.

සුළි කුණාටුවේ ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ පසු, ඉන්දියාව සාගර් බන්ධු මෙහෙයුම දියත් කළ අතර, විශේෂිත ආපදා ප්‍රතිචාර දක්වන්නට එක් වූ පළමු ජාතිය බවට ද පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
නවුෆර් මවුලවි ඇතුළු වරදකරුවන් බන්ධනාගාරයට යද්දී වුණ දේ..
01:32
Video thumbnail
වසර 220කට වැඩි සිර දඬුවම් නියම වූ පාස්කු වරදකරුවන් 15 දෙනාවම බන්ධනාගාරයට රැගෙන ගිය හැටි
00:40
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53