spot_imgspot_img
spot_img
SLIC Banner
Empty Ad
Empty Ad

බිරිඳගේ අභිරහස් මරණයේ සැකය හෙළිවෙයි – දින 05කට පසු සැමියා අත්අඩංගුවට

ගෙළ සිරවීමෙන් මියගිය දෙදරු මවකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඊයේ (17) දින ඇයගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, ගමගොඩ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයක් බවයි වාර්තා වන්නේ.

කළුතර, ගමගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නීලමුණි රමණී සිල්වා නැමැත්තිය පසුගිය 12 වනදා පස්වරුවේ නිවස තුළ වැටී මියගොස් සිට ඇති අතර, ඇයගේ මරණය සැකසහිත බව දැනුම් දී ඇතැයි පොලිසිය පවසනවා.

ඒ, අනුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව සිදුකළ අධිකරණයට වෛද්‍ය නිළධාරීවරයා සිදුකළ මරණ පරීක්ෂණයේ දී එය හුස්ම හිරකිරීමෙන් සිදුවූ මරණයක් බවට තහවුරු කරගෙන තිබෙනවා.

අනතුරුව මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පොලිසිය සැකපිට සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?