spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර සහ කුකුල් මස් මිලත් ඉහළට

බිත්තර තොග මිල ඉහළ යෑම නිසා බිත්තරයක සිල්ලර මිල රුපියල් 23 ත් 25 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසනවා.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ නිලධාරියෙකු සදහන් කලේ සුදු බිත්තරයක් රුපියල් 22 කට සහ රතු බිත්තරයක් රුපියල් 23 කට තොග මිලට ඊයේ අළෙවි වූ බවයි. 

කොළඹ ප්‍රදේශයට බිත්තර තොග සපයන බිත්තර නිෂ්පාදකයෙක් පැවසුවේ බිත්තරයක් රුපියල් 21 බැගින් ලබාදිය හැකි බවයි. 

මේ අතර කුකුල් මස් මිල පානය ඉවත් කිරීමෙන් පසුව කුකුල් මස් මිල ද ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසනවා. 

පාලන මිල යටතේ රුපියල් 460 ක්ව පැවැති කුකුල් මස් කිලෝවක් මේ වන විට ඇතැම් ප්‍රදේශවල රුපියල් 660 ත් 710 ත් අතර මිලකට අළෙවි වන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?