බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් ?

මේවනවිට මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් වුවද මේ වනවිට වෙළෙඳපොලෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා

වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීම සඳහා පියවර ගන්නැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (01) යෝජනා කරනු ලැබුවා.

බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව විසින් මහජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම මෙහි අරමුණයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අද බිත්තර නිෂ්පාදනය හා මිල සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විය.

උත්සව සමය ඉළක්ක කර ගනිමින් මෙරට බිත්තර මිල ඉහළ නැංවිම සඳහා බිත්තර ශීතාගාරවල රදවා තබා ගනිමින් කෘත්‍රිම බිත්තර හිඟයක් මවා පෑමට මේ වනවිට ඇතැම් බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව උත්සාහයක නිරතව සිටින බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා දේශීය වෙළෙද පොල තුළ බිත්තර සුලභ කිරීමේ වැඩ පිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.

අවුරුදු මාසය තුළ ද බිත්තර හිඟයකින් තොරව සැපයීමට රජය අවධානය යොමු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21
Video thumbnail
අකුරැස්ස පොලිසියේ බෝගසේ විශාල අත්තක් කඩා වැටී 1990ට හානි..සභාපති බෝ අතු ඉවත් කරන හැටි
00:41
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.10
08:36:56
Video thumbnail
බලශක්ති ඇමතිට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජය වෙයි
01:37
Video thumbnail
🔴Breaking News
01:15
Video thumbnail
ටීචර්ස්ලාට සුදු සාරි ඇඳගෙන ඉස්කෝලේ එන්න කියලා ප්‍රින්සිපල්..අගමැති හරිනි මේ ගැන පොඩ්ඩක් බලන්න
06:10