බෑණාගේ පහරදීමෙන් මාමාණ්ඩී ජීවිතක්ෂයට

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ ඊයේ (05) පස්වරුවේ තණමල්විල – හම්බෙගමුව, ඇදකෝණය ප්‍රදේශයේදියි.

සැකකරු විසින් සිය බිරිඳගේ පියා වෙත මෙලෙස පහර දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

30 හැවිරිදි සැකකරු ඝාතනයෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට පත් පුද්ගලයා හා බිරිඳ අතර කලක සිට පවුල් ආරවුල් පැවති බවත්, සැකකරු විසින් බිරිඳට නිතරම පහරදෙන බැවින් ඒ ගැන විමසීමට ඇයගේ පියා නිවසට ආ අවස්ථාවේදියි සැකකරු උරණ වී පහරදීම සිදු කර ඇත්තේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ 58 හැවිරිදි විතාරණගේ ගාමිණී යන අය ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මරණකරුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කෙරුණා.

පසුව එහි ප්‍රතිකාර ලබා යළිත් ප්‍රතිකාර වෙනුවෙන් ඇඹිලිපිටිය මූලික රෝහලට මාරු කෙරුණු අතර එසේ ගිලන් රථයේ රැගෙන එමින් සිටියදී පෙරේදා පස්වරුවේ ජීවිතක්ෂයට පත් වුණා.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායකතුමා කාමර ඇතුලේ කොල්ලෙක් එක්ක සල්ලි අච්චු ගහනවා - මම දොර ඇරියා කියලා මිනිහාට මළ පැන්නා
03:47
Video thumbnail
අඹුසැමි යුවළක් එළොව යැවූ සැකකරු කොටුවෙයි
01:05
Video thumbnail
මේවා අයිතියි පැලවත්තට නෙමෙයි - කවුද හොරකම් කළේ..?
05:48
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22