AFC Banner
Empty Ad
Empty Ad

බාල වයස්කාර සිසුවියකට අතවර කළ මිතුරියගේ අයියා අත්අඩංගුවට

වයස අවුරුදු 14 යි මාස 07ක බාල වයස්කාර පාසල් සිසුවියකට ලිංගික අතවර කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහව පොලීසිය සදහන් කරනවා.

ඊයේ (30) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය – මහඅඹගස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක තරුණයෙක්.

අදාළ පාසල් සිසුවිය මීට මාසයකට පමණ පෙර මහව – කෝන්වැව ප්‍රදේශයේ පිහිටි සිය ඥාති නිවසකට ගොස් ඇති අතර, එම ගමනේ දී ඇය කෝන්වැව පදිංචි මිතුරියකගේ නිවසකට ද ගොස් තිබෙනවා.

එහිදී මිතුරියගේ සහෝදරයා වන සැකකරු විසින් තමන්ට අතවරය කළ බවයි සිසුවිය පොලීසියට පවසා ඇත්තේ.

සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට යොමු කර ඇති අතර, සැකකරු මහව මහේස්ත්‍රාත් අධිකරණයට අද (31) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
3
+1
4
+1
6
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?