බාල වයස්කාර සිසුවියකට අතවර කළ මිතුරියගේ අයියා අත්අඩංගුවට

වයස අවුරුදු 14 යි මාස 07ක බාල වයස්කාර පාසල් සිසුවියකට ලිංගික අතවර කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහව පොලීසිය සදහන් කරනවා.

ඊයේ (30) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය – මහඅඹගස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක තරුණයෙක්.

අදාළ පාසල් සිසුවිය මීට මාසයකට පමණ පෙර මහව – කෝන්වැව ප්‍රදේශයේ පිහිටි සිය ඥාති නිවසකට ගොස් ඇති අතර, එම ගමනේ දී ඇය කෝන්වැව පදිංචි මිතුරියකගේ නිවසකට ද ගොස් තිබෙනවා.

එහිදී මිතුරියගේ සහෝදරයා වන සැකකරු විසින් තමන්ට අතවරය කළ බවයි සිසුවිය පොලීසියට පවසා ඇත්තේ.

සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට යොමු කර ඇති අතර, සැකකරු මහව මහේස්ත්‍රාත් අධිකරණයට අද (31) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01