බාල පුතු හා පියා එක් ව වැඩිමහල් පුතුව ඝාතනය කෙරේ (වීඩියෝ)

පවුලක පියා සහ බාල පුතු එක් වී ඔවුන්ගේ වැඩිමහල් පුතුට පහර දී ඝාතනය කර තිබෙනවා.

පූඩළුඔය පොලිසිය පැවසුවේ; 21 හැවිරිදි සික්කන් නඩේෂන් නවීන් කුමාර් නමැති එක් දරු පියෙකු මුගුරුවලින් පහර කා ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

මෙම පුද්ගලයා පූඩළුඔය – ඩන්සින් වත්ත පහළ කොටසේ පදිංචි ව සිට තිබෙනවා.

පෙරේදා (30) පස්වරුවේ පියා සහ මරණකරු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවත් පියා නිවසට පැමිණෙන අවස්ථාවේ නිවසේ අධික ශබ්දයෙන් වැඩිමහල් පුතු ගීත ශ්‍රවණය කරමින් සිට ඇති බවත්; කෝලාහලය සිදුවීමට පෙර පියා විසින් මරණකරු වූ පුතුට පවසා ඇත්තේ ශබ්දය අඩු කරන ලෙසටයි.

එම අවස්ථාවේ දී උරණ වූ ලොකු පුත්‍රයා හෙවත් මරණකරු විසින් පියා හට පහරදී ඇති බවත් පියාගෙ හිස මතට විශාල ගලක් ගෙනැවිත් අතහැර ඇති බවත් වාර්තා වනවා.

මෙම සිදුවීමෙන් උරණ වූ බාල පුතු මුගුරක් ගෙනැවිත් සිය පියා සමග එක් ව වැඩිමහල් සොහොයුරුව ඝාතනය කර ඇත්තේ නිවස ඉදිරිපිට බවයි හෙළිව ඇත්තේ.

කෙසේවෙතත් මරණකරුගේ ප්‍රහාරවලින් බාල පුතු සහ පියා බරපතළ තුවාල ලැබීම හේතුවෙන් සැකකරුවන් මේ වනවිට (31) පොලිස් ආරක්ෂාව යටතේ කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.

ඝාතනයට ලක් වූ එක්දරු පියාගේ සිරුර මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38