Empty Ad
AFC Banner
Empty Ad

බාලවයස්කාර දරුවෙකු දින 05ක සිට අතුරුදන් – ළමයා සොයා ගැනීමට මව මහජන සහාය පතයි

දින 05කට පමණ පෙර මාතලේ නගරයට ගිය බාලවයස්කාර පිරිමි ළමයෙකු අතුරුදන් වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම දරුවා 16 හැවිරිදි වියෙහි පසුවන අයෙකු බවත් ඔහු මාතලේ – මුවන්දෙණිය, මුත්තෙට්ටුතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

පසුගිය 19 වැනි දින පෙරවරුවේ නගරයට යන බව පවසා සිය පුතු නිවසින් පිටව ගිය ද ඔහු යළිත් නිවසට පැමිණ නැහැ.

අතුරුදන් වූ දරුවාගේ මව වන 48 හැවිරිදි යූ.ජී. සුනේත්‍රා ජයරාණි මහත්මිය ඉල්ලා ඇත්තේ අතුරුදන් ව ඇති තම පුතු සොයාගැනීමට මහජනතාවට සහාය දක්වන ලෙසටයි.

සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් දසත අප මේ පිළිබඳව විමසීමක් ද සිදු කළා.

පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කරන ලද මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ දරුවා මව සමග ආරවුලක් ඇති කරගැනීම හේතුවෙන් නිවසෙන් පිටව ගොස් ඇති බවටයි.

කෙසේවෙතත් මේ වන තෙක් දරුවා සිටින්නේ කොහේ දැයි යන්න පිළිබඳ ව තොරතුරක් ලැබී නැහැ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ මාතලේ – මුවන්දෙනිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන එම්.ටී.ජී. රුවිෂාන් සංකල්ප දරුවා යි.

දරුවා රාත්‍රිය වන තෙක් නිවසට නොපැමිණීම නිසා දරුවාගේ මව විසින් රත්තොට පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කරනු ලැබුවා.

මෙම දරුවා නිවසින් කුඩය පමණක් රැගෙන පිටවන අයුරු අසල නිවසක ආරක්ෂිත කැමරාවක ද සටහන් වී ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අතුරුදන් වී ඇති තම පුතු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 071-1647543 යන දුරකථන අංකයට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයකට දන්වන ලෙසට ද අතුරුදන් වූ දරුවාගේ මව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?