බාර් ඇරී දවසේ ප්‍රතිඵල ජාතික රෝහලෙන් එළියට

මත්පැන්හල් විවෘත කිරීමෙන් පසු පසුගිය ඉරිදා (19) දිනයේදී පමණක් බීමත්ව සිදුකළ කලකෝලාහල සහ ගැටුම්වලින් තුවාල ලැබූවන් පනස්පස් දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත.

එම තුවාලකරුවන්ගෙන් පස්දෙනකු කාන්තාවන් වන අතර ඔවුන් සියලුදෙනාම කොළඹ අවට පදිංචිකරුවන්ය.

ඇතැම් තුවාලකරුවන් අධික බීමත්කම හේතුවෙන් සිහිමද ගතියෙන්ද පෙළණු අතර ඔවුන් රෝහලෙන් පැන යාමටද උත්සාහ දරා ඇත. ඉරිදා දිනයේදී පමණක් රෝගීන් 175 දෙනෙකු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති අතර ඉන් පනස්පස්දෙනෙකු බීමතින් සිටි පුද්ගලයන් වීම සහ ගැටුම් වැඩිවීම සැලකිය යුතු වර්ධනයක් බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

බොරැල්ල ප්‍රදේශයේ ගැටුමකින් පුද්ගලයකුගේ පිටට පිහියෙන් ඇණ තිබූ අතර එම පිහිය සහිතවම ඔහු රෝහල්ගත වී තිබේ. පුරුෂ පක්ෂය බීමත්ව කාන්තාවන් සමග ගැටුම් ඇති කර ගැනීමද වැඩි වී ඇති බව පොලිසිය පවසයි.

බීමත්ව සිදුකරන හිරිහැර ඉවසාගත නොහැකිව පුද්ගලයන් දෙදෙනකු කාන්තාවන් අතින් පසුගිය ඉරිදා (20) මියගොස් තිබේ. ඒ අවිස්සාවේල්ල දයිගල ප්‍රදේශයේ සහ යාපනය අරියාලේ ප්‍රදේශවලදී බව පොලිසිය කියා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38