බ්‍රසීල සුපිරි තරුව නේමාර්ට ලෝක කුසලානය අහිමි වෙයි ද ? (ඡායාරූප)

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලි ගමන ජයග්‍රාහීව අරඹන්නට ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, ඊයේ රාත්‍රියේ සර්බියාවට එරෙහිව පැවති තරගය ගෝල දෙකට බිංදුවක ජයක් වාර්තා කරමින්.

මේ අතර, මෙම තරගය අතර තුර බ්‍රසීල සුපිරි ක්‍රීඩක නේමාර් ආබාධයකට ලක් වුණා.

ඒ, අනුව ඔහුට සිදුවුණේ තරගයේ අවසන් කාලසීමාවේ දී බංකුව මත හිඳ කඳුළු සලමින් තරගය දෙස බලා සිටීමටයි.

නේමාර් දකුණු වළලුකරය මෙලෙස ආබාධයකට ලක්ව ඇති අතර, එය දැඩි ලෙස ඉදිමී ඇති ආකාරය ඇතැම් ඡායාරූපවල දැකගත හැකි වුණා.

බ්‍රසීල කණ්ඩායමේ වෛද්‍යවරයා සඳහන් කළේ මෙම ඉදිරිපෙළ සුපිරි ප්‍රහාරකයාගේ ආබාධ තත්ත්වය පිළිබදව අද දිනයේ සම්පූර්ණ වාර්තාවක් ලබාගන්නා බවයි.

නෙයිමාර් ලෝක කුසලාන තරඟාවලියේ දිගටම ක්‍රීඩා කරනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් පවතින බව බ්‍රසීල ප්‍රධාන පුහුණුකරු ටයිට් අවදාරනය කර සිටියා.

බ්‍රසීල කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය සඳුදා ස්විට්සර්ලන්තය සමඟ මුහුණ දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03