spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බ්‍රසීල සුපිරි තරුව නේමාර්ට ලෝක කුසලානය අහිමි වෙයි ද ? (ඡායාරූප)

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලි ගමන ජයග්‍රාහීව අරඹන්නට ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, ඊයේ රාත්‍රියේ සර්බියාවට එරෙහිව පැවති තරගය ගෝල දෙකට බිංදුවක ජයක් වාර්තා කරමින්.

මේ අතර, මෙම තරගය අතර තුර බ්‍රසීල සුපිරි ක්‍රීඩක නේමාර් ආබාධයකට ලක් වුණා.

ඒ, අනුව ඔහුට සිදුවුණේ තරගයේ අවසන් කාලසීමාවේ දී බංකුව මත හිඳ කඳුළු සලමින් තරගය දෙස බලා සිටීමටයි.

නේමාර් දකුණු වළලුකරය මෙලෙස ආබාධයකට ලක්ව ඇති අතර, එය දැඩි ලෙස ඉදිමී ඇති ආකාරය ඇතැම් ඡායාරූපවල දැකගත හැකි වුණා.

බ්‍රසීල කණ්ඩායමේ වෛද්‍යවරයා සඳහන් කළේ මෙම ඉදිරිපෙළ සුපිරි ප්‍රහාරකයාගේ ආබාධ තත්ත්වය පිළිබදව අද දිනයේ සම්පූර්ණ වාර්තාවක් ලබාගන්නා බවයි.

නෙයිමාර් ලෝක කුසලාන තරඟාවලියේ දිගටම ක්‍රීඩා කරනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් පවතින බව බ්‍රසීල ප්‍රධාන පුහුණුකරු ටයිට් අවදාරනය කර සිටියා.

බ්‍රසීල කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය සඳුදා ස්විට්සර්ලන්තය සමඟ මුහුණ දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?