බහුදින යාත්‍රාවක ගිය ධීවරයෙකු මියයයි

බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයෙකු හදිසියේ මියයාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

දික්ඕවිට ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පසුගිය පෙබරවාරි මස 3 වනදා පිටත්ව ගිය යාත්‍රාවක සිටි අයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

ඔහු කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

තවත් 5 දෙනෙකු සමග බහුදින ධීවර යාත්‍රාවකින් මෙම පුද්ගලයා මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් ඇති අතර ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් යාත්‍රාව නැවත හරවාගෙන එමින් සිටියදී පසුගිය 16 වනදා දහවල් කාලයේදී මියගොස් තිබෙනවා.

ධීවර වරාය වෙත මෘත ශරීරය රැගෙන ඒමෙන් පසුව මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රාගම ශික්ෂණ රෝහලට යොමු කර තිබෙනවා.

වත්තල පොලිසියයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?