AFC Banner
AFC Banner
Empty Ad

බහින් බස්වීමක් දුරදිග ගිහින් හෝටල් සේවකයින් දෙදෙනෙක් මරාගෙන

හෝටල් සේවකයෙක් තවත් සේවකයෙකුට එල්ල කළ පිහි පහරකින් එම සේවකයා මියගොස් තිබෙනවා.

ජාඇල පරණ මීගමුව පාරේ පිහිටි හෝටලයක් තුළ අද (10) අලුයම් කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සේවකයින් දෙදෙනා අතර, ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එක් සේවකයෙක් අනෙක් සේවකයාගේ ගෙළ ප්‍රදේශයට සහ පාදයකට පිහියකින් පහර දී තිබෙනවා.

පිහි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබූ එම සේවකයා රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ විජය කුමාර නැමැති අයෙක්.

අපරාධය සිදුකළ බව කියන සැකකර අනෙක් සේවකයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?