ඇප කොන්දේසි උල්ලංඝනය කළ විත්තිකාරිණියක් අත්අඩංගුවට ගැනීමට නියෝග

වයස අවුරුදු අටක දැරියකගේ නිරුවත් ඡයාරූප සමාජ මාධ්‍යයට මුදා හැරීමේ සිද්ධියකට අදාළව ඇප මත මුදා හැර සිටි සැකකාර කාන්තාවක් අධිකරණයේ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම හා වින්දිතයන්ට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (05) බොරැල්ල පොලිසියට
නියෝග කළා.

කොළඹ ප්‍රදේශයේ පදිංචි ෆාතිමා නුස්රා ඉරේෂා නමැති සැකකාර කාන්තාවක් එසේ අත්අඩංගුවට ගැනීමට නියම කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදාහැර සිටින සැකකාර කාන්තාව මෙම සිද්ධියේ පැමිණිලිකාරියට හා වින්දත දැරියට විවිධ බලපෑම් කර ඇති බව පවසමින් ඔවුන් පැමිණිල්ලක් කර ඇති බැවින් එම සැකකාර කාන්තාව නැවත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙස පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

මෙලෙස ඇප මත මුදා හැර සිටින සැකකාරිය සහ ඇයගේ මව ඉකුත් 28 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙම සිද්ධියේ පැමිණිලිකාරියට සහ වින්දිත දැරියට අගතියක් වන ආකාරයෙන් කරුණු වාර්තා කර තිබෙන බවද බොරැල්ල පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නා.

ඇප මත සිටියදී මෙවැනි ක්‍රියාවක් කිරීම අධිකරණයේ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමක් බව පෙනී යන බැවින් වින්දිතයන්ට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40