T20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභියා රෂීඩ් ඛාන්

ජාත්‍යන්තර T20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වන්නට ඇෆ්ගන් ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත් වුණා.

රෂීඩ් මෙලෙස අබිබවා ගියේ මෙතෙක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ තබා තිබූ කඩුලු 631 වාර්තාවයි.

තවමත් 26 හැවිරිදි වියෙහි පසුවන ඛාන් දඟ පන්දු යවන්නෙකු වන අතර ඔහු මෙම නවතම වාර්තාවට දකුණු අප්‍රිකානු T20 ලීගයට එක්වෙමින් සමත්කම් පෑවා.

ඔහුට බ්‍රාවෝ අබිබවා යන්නට අවශ්‍ය වූයේ එක් කඩුල්ලක් පමණක් වූ අතර හෙතෙම එම කඩුල්ල ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ දවා ගනිමින් ලබා ගත්තා.

ඊයේ පාර්ල් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව SA20 සුදුසුකම් ලැබීමේ පළමු තරගයේ දී මෙම දක්ෂතාව දැක්වූවා.

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෂීඩ් පැවසුවේ;

“එය විශිෂ්ට ජයග්‍රහණයක්, මීට වසර 10කට පෙර ඔබ ඒ ගැන මගෙන් ඇසුවා නම් මම ඒ ගැන කිසි විටෙකත් සිතන්නෙ නම් නැතිවෙයි. ඇෆ්ගනිස්ථානයෙන් පැමිණීම සහ මේ ලැයිස්තුවේ ඉහළින්ම මට ඉන්න ලැබීම ගැන දැනෙන්නේ ආඩම්බර හැඟීමක්. බ්‍රාවෝ හොඳම T20 පන්දු යවන්නන්ගෙන් කෙනෙක්. ඒක මහත් ගෞරවයක්. මම ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා මෙතැන් සිට තවත්…” යනුවෙන්.

මේ වනවිට රෂීඩ් බිඳ හෙලා ඇති කඩුලු ගණන 633ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46