බස් මගීන්ගෙන් සොරකම් කළ දුරකථන 43ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

දේපළ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු සොරකම් කල ජංගම දුරකථන 43ක් සමග ප්‍රදේශ දෙකකදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බඩෝවිට සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලදීයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනේ.

රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම සහ බස් රථවල ගමන් කරන පුද්ගලයන්ගේ ජංගම දුරකථන සොරකම් කිරීම සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් ග්‍රෑන්ඩ්පාස් ඩි මෙල්වත්ත ප්‍රදේශයේදීයි.

ලැබුණු තොරතුරකට අනුව ඊයේ දහවල් එම වැටලීම සිදුකර තිබුණා.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ අවිස්සාවේල්ල, හංවැල්ල, කිරිබත්ගොඩ, මිරිහාන, මීගමුව, බියගම, පුස්සැල්ල සහ කිරුළපන පොලිස් වසම්වල මෙවැනි සොරකම් කිරීමේ සිදුවීම් 11කට අවශ්‍ය කරන අයෙක් බවටයි.

එම පුද්ගලයා සොරකම් කළ දේපළවලින් ලැප්ටොප් පරිගණක 04ක්, ජංගම දුරකථන 29ක් සහ ටැබ් පරිගණක 03ක් සොයාගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි සැකකරු සහ දේපළ ඉදිරි විමර්ශන සඳහා ඉදිරිපත් කර ඇත්තේ මිරිහාන පොලිසියටයි.

සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී ද දේපළ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ උදෑසන හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 100ක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ බස් රථවල ගමන් කරන පුද්ගලයන්ගේ ජංගම දුරකථන ඇතුලු දේපළ සොරකම් කිරීමට සම්බන්ධ අයෙක් බවටයි.

ඔහු සොරකම් කරන ලද දේපළවලින් ජංගම දුරකථන 14ක්, රන් පැහැති මුදුවක්, මාලයක් සහ පෙන්ඩනයක් සොයාගෙන තිබෙනවා.

37 හැවිරිදි සැකකරු පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉදිරි විමර්ශන සඳහා ගල්කිස්ස පොලිසියට ඉදිරිපත් කර ඇති සැකකරු අද ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33
Video thumbnail
අවු:76ක සා#ඵය ගැන රාජිත ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි..මේක සා#ඵයක්ද ?
11:18
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන රාජිත කළ ප්‍රබල හෙළිදරව්ව - ස##න්ලා මැ#න්නේ නෑ ගෝඨාභයලා බලයට ගේන්න
05:49
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02
Video thumbnail
මරික්කාර්ගේ ප්‍රකාශයට රාජිතගෙන් සැර කතාවක් - මං රටේ කුඩාම පක්ෂයේ ඉදලා දන්නවා
10:57
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:43
Video thumbnail
රනිල් ළඟ ඉන්න අයම එයා ගැන දන්නේ නෑනේ - පාර්ලිමේන්තු පැමිණීම ගැන කවියකින්ම කිව්ව රාජිත
03:47