Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බඹරු නිසා දරුවන් 50ක් රෝහලේ

හිගුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක බඹර ප්‍රහාරයක් හේතුවෙන් දරුවන් 50 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

පාසල ඉදිරිපිට අඹගසක මෙම බඹර කූඩුව තිබූ අතර එය උකුස්සෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් බඹරුන් ඇවිස්සී තිබෙනවා. රෝහල් ආරංචිමාර්ග පවසන්නේ මේ හේතුවෙන් හිගුරක්ගොඩ රෝහලට සිසුන් 50 දෙනෙකු ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.