spot_imgspot_img

බඹරකන්දේ තනි වූ යුවළ නව තාක්ෂණයෙන් සොයා ගනී

හල්දුම්මුල්ල බඹරකන්ද යාල තැන්න දිය ඇල්ල අසල වනයේ දින දෙකක් අතරමංව සිටි යුවළක් අද 11 සවස පොලිසිය ජී. පී. එස්. තාක්ෂණය ඔස්සේ කැලෑවට ගොස් සොයාගෙන නිරුපද්‍රිතව බේරාගත් බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය

මෙසේ බේරාගෙන ඇත්තේ කරුවලගස්වැව නෙළුම්වැව නවෝද්‍ය මධුරංග (24) සහ තමුත්තේගම සෙවුවන්දි සංදීපනී (23) යන නවක විවාහක යුවළක් බවද පොලිසිය කියයි. අතරමංව සිටි නවෝද්‍ය තරංග තමා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළේය.

අට වැනි දින අපි ගෙදරින් ආවේ. අපි විවාහ වෙලා මාස තුනක් විතර වෙනවා.අපි ඇවිත් බඹරකන්ද වංගෙඩිගල ආශ්‍රිතව කූඩාරම් ගසා ගෙන සිටියා.ඒ අතර තැනින් තැනට අපි මාරු වුණා . ඒ අතරතුර අපි කැලෑවේ අතරමං වුණා. කැලේ කොයි අතට යන්න ඕනිද කියල හිතාගන්න බැරුව හිටියෙ. අපි සිටි ස්ථානයේ ලොකේෂන් එක පුංචි අම්මට යැවුවා.

ජංගම දුරකථන බැටරි අක්‍රිය වුණා. පසුව පුංචි අම්මා ඒ ලොකේෂන් එක පොලිසියට යවලා තිබුණා ඉතින් හල්දුම්මුල්ල පොලිසිය එක භාවිතයෙන් අපි සිටි ස්ථානය සොයාගෙන ආවා. අ පි රාත්‍රී කළුවරේ ගතකෙරේ වන සතුන් ගෙන් හානියක් වුනේ නැහැ. බිහිසුණු අත්දැකීමක් වුණා. අපිව බේර ගත්තට හල්දුම්මුල්ල පොලීසියේ ස්ථානාධිපති තුමා ඇතුළු ඒ නිලධාරීන් සියලු දෙනාටම අපි අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා යැයිද නවෝද්‍ය මධුරංග පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
16
+1
4
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?