පෙන්සිල්වේනියා බන්ධනාගාරයෙන් පලාගොස් සති දෙකක කාලයක් සැඟවී සිටි ඝාතන සැකකරුවෙක් වන ඩැනෙලෝ කැවල්කැන්ටේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපද පොලිසිය පවසන්නේ ඔහු කැලෑබද ප්‍රදේශයක වැතිර සිටියදී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි.
ගිනි අවියක් ද අතැතිව පළා යාමට උත්සාහ කළ නමුත් පොලිස් සුනඛයන් විසින් ඔහුව යටත් කර ගත් බව සඳහන්.
තාප සංඥා තාක්ෂණය (thermal imaging technology) සමන්විත හෙලිකොප්ටර් මගින් සැකකරු ලුහුබැඳ ගොස් තිබෙනවා.
බ්‍රසීල ජාතිකයෙකු වන ඩැනෙලෝ කැවල්කැන්ටේ තම පෙම්වතියට ඇගේ කුඩා දරුවන් දෙදෙනා ඉදිරියේ පිහියෙන් ඇන ඝාතනය කිරීමේ වරදට පසුගිය මාසයේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අයෙක්.
ඔහු බ්‍රසීලයේ මිනීමැරුමක් සඳහා අවශ්‍ය කර සිටින අයෙක් බවට පෙම්වතියට හෙළිවී ඇති අතර ඇය ඒ පිළිබඳ පොලිසියට පවසනු ඇතැයි බියෙන් ඔහු මෙම ඝාතනය සිදු කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.
මෙම පුද්ගලයා බන්ධනාගාරයෙන් පලා යාම සමග ෆිලඩෙල්ෆියා හි වයඹ දෙසින් පිහිටි සවුත් කොවෙන්ට්‍රි නගරයේ වර්ග කිලෝමීටර් 26ක පමණ ප්‍රදේශයක් ආරක්ෂක අංශ විසින් සෝදිසි කර තිබුණා.
ඊට සම්බන්ධ වූ නිලධාරීන් සංඛ්‍යාව 500 කට අධිකයි.
පලාගිය පුද්ගලයා අනන්‍යතාව හෙළි නොවන ආකාරයෙන් තම රැවුල කපා කිරි ගොවිපලක වෑන් රථයක් සොරකම් කර ඔහුගේ මිතුරන් දෙදෙනෙකුගේ නිවෙස්වලට ද ගොස් තිබෙනවා.
Danelo Cavalcante ගේ සොහොයුරිය ද මේ වන විට පිටුවහල් කිරීමකට ලක්වී ඇති අතර පෙන්සිල්වේනියා ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කළේය සහෝදරිය ද ඔහුට පොලිසිය මග හැර සැඟව සිටීමට උදව් කර ඇති බවයි.
සැකකරු සෙවීම සඳහා බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම හේතුවෙන් ඇය එක්සත් ජනපද ආගමන බලධාරීන් විසින් රඳවාගෙන සිටි බව සඳහන්.
තාප සංඥා තාක්ෂණය සහිත හෙලිකොප්ටර් යානා විසින් ඔහුව හඳුනාගෙන තිබුණ ද කුණාටු හේතුවෙන් හෙලිකොප්ටර් යානාවලට එම ස්ථානයට ළඟා වීමට හැකිවී නැහැ.
සති දෙකක කාලයක් ඔහු පලාගොස් සිටියදී සොයා ගැනීමට නොහැකි වුව ද සෝදිසි කිරීම් සිදු කළ ආකාරය පිළිබඳව පොලිසිය, ආණ්ඩුකාරවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනාගේම පැසසුමට ලක්වීම ද විශේෂත්වයක්.