බන්ධනාගාරයෙන් පළාගිය ඝාතකයා සති දෙකකට පසු අත්අඩංගුවට

පෙන්සිල්වේනියා බන්ධනාගාරයෙන් පලාගොස් සති දෙකක කාලයක් සැඟවී සිටි ඝාතන සැකකරුවෙක් වන ඩැනෙලෝ කැවල්කැන්ටේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද පොලිසිය පවසන්නේ ඔහු කැලෑබද ප්‍රදේශයක වැතිර සිටියදී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි.

ගිනි අවියක් ද අතැතිව පළා යාමට උත්සාහ කළ නමුත් පොලිස් සුනඛයන් විසින් ඔහුව යටත් කර ගත් බව සඳහන්.

තාප සංඥා තාක්ෂණය (thermal imaging technology) සමන්විත හෙලිකොප්ටර් මගින් සැකකරු ලුහුබැඳ ගොස් තිබෙනවා.

බ්‍රසීල ජාතිකයෙකු වන ඩැනෙලෝ කැවල්කැන්ටේ තම පෙම්වතියට ඇගේ කුඩා දරුවන් දෙදෙනා ඉදිරියේ පිහියෙන් ඇන ඝාතනය කිරීමේ වරදට පසුගිය මාසයේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අයෙක්.

ඔහු බ්‍රසීලයේ මිනීමැරුමක් සඳහා අවශ්‍ය කර සිටින අයෙක් බවට පෙම්වතියට හෙළිවී ඇති අතර ඇය ඒ පිළිබඳ පොලිසියට පවසනු ඇතැයි බියෙන් ඔහු මෙම ඝාතනය සිදු කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම පුද්ගලයා බන්ධනාගාරයෙන් පලා යාම සමග ෆිලඩෙල්ෆියා හි වයඹ දෙසින් පිහිටි සවුත් කොවෙන්ට්‍රි නගරයේ වර්ග කිලෝමීටර් 26ක පමණ ප්‍රදේශයක් ආරක්ෂක අංශ විසින් සෝදිසි කර තිබුණා.

ඊට සම්බන්ධ වූ නිලධාරීන් සංඛ්‍යාව 500 කට අධිකයි.

පලාගිය පුද්ගලයා අනන්‍යතාව හෙළි නොවන ආකාරයෙන් තම රැවුල කපා කිරි ගොවිපලක වෑන් රථයක් සොරකම් කර ඔහුගේ මිතුරන් දෙදෙනෙකුගේ නිවෙස්වලට ද ගොස් තිබෙනවා.

Danelo Cavalcante ගේ සොහොයුරිය ද මේ වන විට පිටුවහල් කිරීමකට ලක්වී ඇති අතර පෙන්සිල්වේනියා ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කළේය සහෝදරිය ද ඔහුට පොලිසිය මග හැර සැඟව සිටීමට උදව් කර ඇති බවයි.

සැකකරු සෙවීම සඳහා බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම හේතුවෙන් ඇය එක්සත් ජනපද ආගමන බලධාරීන් විසින් රඳවාගෙන සිටි බව සඳහන්.

තාප සංඥා තාක්ෂණය සහිත හෙලිකොප්ටර් යානා විසින් ඔහුව හඳුනාගෙන තිබුණ ද කුණාටු හේතුවෙන් හෙලිකොප්ටර් යානාවලට එම ස්ථානයට ළඟා වීමට හැකිවී නැහැ.

සති දෙකක කාලයක් ඔහු පලාගොස් සිටියදී සොයා ගැනීමට නොහැකි වුව ද සෝදිසි කිරීම් සිදු කළ ආකාරය පිළිබඳව පොලිසිය, ආණ්ඩුකාරවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනාගේම පැසසුමට ලක්වීම ද විශේෂත්වයක්.

  1. SIRI LANKA WE NAM PENALA YANAWA BORU. OHOMA SATHI GANAN YANNE NAHE. DAN 2015 UNP ANDUWE MAHA BANKU LOKKA PANNA, ALAGENA AWANEH. 2019 APU GOTA PATHALAYO, KUGU KARAYO ALLANAWA KIYUWA WITHARAYI UN AIRPORT EKEN, MALU BOTTU WALIN PANNA, ALLAGENA AWA NEH. PRAMUKA BANKU LOKKA PANNA, ALLAGENA AWA NEH.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13