බන්ධනාගාරයෙන් පළාගිය ඝාතකයා සති දෙකකට පසු අත්අඩංගුවට

පෙන්සිල්වේනියා බන්ධනාගාරයෙන් පලාගොස් සති දෙකක කාලයක් සැඟවී සිටි ඝාතන සැකකරුවෙක් වන ඩැනෙලෝ කැවල්කැන්ටේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද පොලිසිය පවසන්නේ ඔහු කැලෑබද ප්‍රදේශයක වැතිර සිටියදී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි.

ගිනි අවියක් ද අතැතිව පළා යාමට උත්සාහ කළ නමුත් පොලිස් සුනඛයන් විසින් ඔහුව යටත් කර ගත් බව සඳහන්.

තාප සංඥා තාක්ෂණය (thermal imaging technology) සමන්විත හෙලිකොප්ටර් මගින් සැකකරු ලුහුබැඳ ගොස් තිබෙනවා.

බ්‍රසීල ජාතිකයෙකු වන ඩැනෙලෝ කැවල්කැන්ටේ තම පෙම්වතියට ඇගේ කුඩා දරුවන් දෙදෙනා ඉදිරියේ පිහියෙන් ඇන ඝාතනය කිරීමේ වරදට පසුගිය මාසයේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අයෙක්.

ඔහු බ්‍රසීලයේ මිනීමැරුමක් සඳහා අවශ්‍ය කර සිටින අයෙක් බවට පෙම්වතියට හෙළිවී ඇති අතර ඇය ඒ පිළිබඳ පොලිසියට පවසනු ඇතැයි බියෙන් ඔහු මෙම ඝාතනය සිදු කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම පුද්ගලයා බන්ධනාගාරයෙන් පලා යාම සමග ෆිලඩෙල්ෆියා හි වයඹ දෙසින් පිහිටි සවුත් කොවෙන්ට්‍රි නගරයේ වර්ග කිලෝමීටර් 26ක පමණ ප්‍රදේශයක් ආරක්ෂක අංශ විසින් සෝදිසි කර තිබුණා.

ඊට සම්බන්ධ වූ නිලධාරීන් සංඛ්‍යාව 500 කට අධිකයි.

පලාගිය පුද්ගලයා අනන්‍යතාව හෙළි නොවන ආකාරයෙන් තම රැවුල කපා කිරි ගොවිපලක වෑන් රථයක් සොරකම් කර ඔහුගේ මිතුරන් දෙදෙනෙකුගේ නිවෙස්වලට ද ගොස් තිබෙනවා.

Danelo Cavalcante ගේ සොහොයුරිය ද මේ වන විට පිටුවහල් කිරීමකට ලක්වී ඇති අතර පෙන්සිල්වේනියා ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කළේය සහෝදරිය ද ඔහුට පොලිසිය මග හැර සැඟව සිටීමට උදව් කර ඇති බවයි.

සැකකරු සෙවීම සඳහා බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම හේතුවෙන් ඇය එක්සත් ජනපද ආගමන බලධාරීන් විසින් රඳවාගෙන සිටි බව සඳහන්.

තාප සංඥා තාක්ෂණය සහිත හෙලිකොප්ටර් යානා විසින් ඔහුව හඳුනාගෙන තිබුණ ද කුණාටු හේතුවෙන් හෙලිකොප්ටර් යානාවලට එම ස්ථානයට ළඟා වීමට හැකිවී නැහැ.

සති දෙකක කාලයක් ඔහු පලාගොස් සිටියදී සොයා ගැනීමට නොහැකි වුව ද සෝදිසි කිරීම් සිදු කළ ආකාරය පිළිබඳව පොලිසිය, ආණ්ඩුකාරවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනාගේම පැසසුමට ලක්වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?