බදු අය කිරීම ගැන නව චක්‍රලේඛයක්

මූල්‍ය නොවන දීමනා සඳහා උපයන විට බදු අයකිරීම සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්.

නව චක්‍රලේඛය යටතේ මීට පෙර චක්‍රලේඛවලට අනුව සේවායෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කර තිබෙනවා.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් (CGIR) විසින් එම සේවකයෙකුට රැකියාවෙන් ලැබිය යුතු හෝ ලබා ගත යුතු ප්‍රතිලාභ ලෙස ඇතුළත් කළ යුතු මුදල් ප්‍රමාණයන් නියම කර තිබෙනවා.

මෙම සංශෝධිත චක්‍රලේඛය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි අනුමත කර ඇත්තේ.

මේ අතර, සේවකයින්ගේ ආදායමේ මුදල් නොවන ප්‍රතිලාභ උපයන විට ගෙවන බද්දෙන් නිදහස් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද තහවුරු කර තිබෙනවා.

මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබා ගන්නා පුද්ගලයන්ගේ උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ.

ඒ අනුව,

නිවාස –
දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්න පුද්ගලයන්ගෙන් රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් 12.5%ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් ලබා ගන්න පුද්ගලයන්ගෙන් රුපියල් 40,000ක් හෝ වැටුපෙන් 12.5%ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5%ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් 2.5%ක ප්‍රතිලාභය චක්‍රලේඛය මගින් ඉවත් කර තිබෙනවා.

වාහන –

ඇන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800ට අඩු සහ ඝන සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000ක් සහ 75,000ක් ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000ක්, රියදුරු සඳහා රුපියල් 10,000ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000ක් වෙනස් කර තිබෙනවා.

ඉන්ධන දීමනාව 100%ක් ලෙස බද්දට යටත් වූ අතර නව චක්‍රලේඛයෙන් එය 25%ක් දක්වා අඩු කර ඇතැයි සඳහන්.

මීට අමතරව ක්ෂේත්‍ර රාජකාරී සඳහා ලබා දී ඇති වාහන පෞද්ගලික භාවිතයේ දී සීමා රහිතව කිලෝ මීටරයකට රුපියල් 25ක් ලෙස සලකන ලද ප්‍රතිලාභය කිලෝමීටරයකට රුපියල් 25ක් හෝ රියදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියදුරු සහිතව රුපියල් 30,000ක් යන දෙකෙන් අඩුම ප්‍රමාණය ලෙසටයි සංශෝධනය කර ඇත්තේ.

දුරකතන –
100%ක් බද්දට යටත් වූ දුරකතන දීමනාවෙන් 25%ක් පමණක් ප්‍රතිලාභ ලෙස නව සංශෝධනව මගින් සලකනු ලබනවා.

සහනදායී ණය පොලී –

සේවා යෝජකයන් විසින් සහන පොලී මත දී ඇති ණය සඳහා වන පොලී ප්‍රතිලාභය බදු සඳහා සලකා නොබලන අතර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ මෙම වෙනස් කිරීම් මගින් සැලකිය යුතු සහනයක් අදාළ පාර්ශ්ව වෙත හිමි වන බවයි.

Tax New
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?