බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණයේ 34 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.ඊයේ (04) ලැබී ඇති PCR ප්‍රතිඵල අනුව එම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර රෝගීන් 22ක්, රෝගීන් බලාගන්නා සහායකයින් 7 දෙනෙකු, කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ දෙදෙනෙක්, හෙද නිලධාරීන් දෙදෙනෙක් සහ වෛද්‍යවරියක් ආසාදිත පිරිස අතරට අයත් ය.මේ වනවිට බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණය වසා දමා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට පියවරගෙන ඇති අතර කාර්යමණ්ඩල සාමාජිකයින් නිවෙස් තුළ නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
රෝහලේ ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, සායන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර රෝහලේ සමස්ත සේවා කටයුතු බිඳවැටීමක් නොමැති බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.