spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට මාස 06ක සහනයක්

විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ආපසු ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබාදීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා.

වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමඟ පැවති හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන්කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ලබා ගත් ණය මුදල සඳහා පළමු වාරිකය පසුගිය මාර්තු මස ගෙවීමට නියමිතව තිබුණත් ඒ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කර නොතිබීම හේතුවෙන් පළමු වාරිකය ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකිව වුණා.

ලබා දුන් ණය මුදල සඳහා පළමු වාරිකය එළඹෙන අගෝස්තු මාසයේදීත් දෙවන වාරිකය සැප්තැම්බර් මාසයේදීත් ගෙවීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර් මෙහිදී පවසා ඇත්තේ.

මෙලෙස ණය ගෙවීමේ කාල සීමාව දීර්ඝ කරන විට කිසිඳු ගාස්තුවකින් තොරව එය සිදුනොවන බවත්, ණය මුදල සඳහා තවත් පොළිය එකතුවන බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?