AFC Banner
Empty Ad
Empty Ad

බංගලාදේශය පළමු ඉනිම ලකුණු 188කට සීමා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංගලාදේශ පළමු ඉනිම ලකුණු 188කට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

මෙහිදී තයිජුල් ඉස්ලාම් ලකුණු 47 ක් රැස්කළ අතර ලිට්ටොන් දාස් ලකුණු 25 යි.

පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු ලකුණු 48 කට කඩුළු 04 ක් දවාගත් අතර කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුළු 03 බැගින් දවා ගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශය තීරණය කළේ පළමුව පන්දු රැකිමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුණු 280 ක් ලබා ගත්තා.

එහිදී නායක ධනංජය ද සිල්වා සහ කමිදු මෙන්ඩිස් ලකුණු 102 බැගින් රැස් කිරීමටයි සමත් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?