spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප‍්‍රකට වාහන අලෙවි සමාගමකට නඩු.. ගිණි ගානට අමතර කොටස් වෙලදාමේ

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ට අනුව අලෙවිය සඳහා ඇති ඕනෑම භාණ්ඩයක මිළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය වේ.

නමුත් මෙරට වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ප්‍රසිද්ධ සමාගමක් උක්ත නීති රීති උල්ලංඝනය කරමින් වාහන අමතර කොටස් අලෙවි කරනු ලැබ ඇත.

පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් සමාගමෙහි පුත්තලම ශාඛාව සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයකදී මේ බව අනාවරණය වී ඇත.

මෙලෙස මිල ලකුණු නොකිරීම තුළින් සිදුවන බරපතලම කාරණාව වන්නේ වාහන අමතර කොටස් මිල දිනෙන් දින ඉහළ යන තත්ත්වයක් තුළ, අඩු මුදලට පාරිභෝගිකයා අතට පත් කළ හැකි පැරණි තොග ද වර්තමාන මිලගණන් යටතේ ඉතා අසාධාරණ ලාභ උපයමින් අලෙවි කිරීමයි.

මේ සම්බන්ධව ඔක්තෝම්බර් මස 12 වන දින සමාගමට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර මෙවැනි විමර්ශන දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ක්‍රියාත්මක බව පුත්තලම පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

– කේ. රත්නායක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?