ප‍්‍රකට වාහන අලෙවි සමාගමකට නඩු.. ගිණි ගානට අමතර කොටස් වෙලදාමේ

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ට අනුව අලෙවිය සඳහා ඇති ඕනෑම භාණ්ඩයක මිළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය වේ.

නමුත් මෙරට වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ප්‍රසිද්ධ සමාගමක් උක්ත නීති රීති උල්ලංඝනය කරමින් වාහන අමතර කොටස් අලෙවි කරනු ලැබ ඇත.

පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් සමාගමෙහි පුත්තලම ශාඛාව සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයකදී මේ බව අනාවරණය වී ඇත.

මෙලෙස මිල ලකුණු නොකිරීම තුළින් සිදුවන බරපතලම කාරණාව වන්නේ වාහන අමතර කොටස් මිල දිනෙන් දින ඉහළ යන තත්ත්වයක් තුළ, අඩු මුදලට පාරිභෝගිකයා අතට පත් කළ හැකි පැරණි තොග ද වර්තමාන මිලගණන් යටතේ ඉතා අසාධාරණ ලාභ උපයමින් අලෙවි කිරීමයි.

මේ සම්බන්ධව ඔක්තෝම්බර් මස 12 වන දින සමාගමට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර මෙවැනි විමර්ශන දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ක්‍රියාත්මක බව පුත්තලම පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

– කේ. රත්නායක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29