පෞද්ගලික අංශයට රුපියල් 5000 දීමනාව ලැබෙයිද? මෙන්න තීරණය

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙරට පෞද්ගලික අංශය නියෝජනය කරන ප්‍රධාන සේවා සහ නිෂ්පාදන අංශවල සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් ඊයේ දින(10) සාකච්ඡාවකට කැඳවා තිබුණා.

එම සාකච්ඡාව කම්කරු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැවතුනි.

මෙම සාකච්ඡාවේ දි අදහස් දැක්වූ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ පසුගිය සමයේදී මේ රටේ කර්මාන්ත හා සේවා අංශය බිඳ නොවැටී පවත්වාගෙන යාමට තමන්ට විශාල වශයෙන් අතිරේක මුදලක් වැය කිරීමට සිදු වූ බව ය.

එසේම අපනයන කටයුතු වල පැන නැගී ඇති විවිධ අපහසුතා නිසා මේ වන විට අපනයනයන් හි ආදායම ද පහත වැටී ඇති බවය.රේගු ගාස්තු වැඩිවීම,බහාලුම් පැමිණීමේ අඩුවීම්,නිෂ්පාදන වියදම් වැඩිවීම,අමුද්‍රව්‍ය ගෙන්වීමේ දී බලපාන ප්‍රශ්න හා ඒ සඳහා වැය වන මුදල් වැඩි වීම,රජය ලබාදුන් ණය සහන සීමාව මාර්තු මාසයේදී අවසන් වීම,බැංකුවල කරන අධික පොලි ගැටලුව වැනි කාරණා නිසා මේ වන විට මෙරට කර්මාන්ත හා සේවා අංශය බරපතළ ආර්ථික අර්බුදයක හිර වී ඇති බව මෙහි දී අදහස් දැක්වූ සේවය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් මංගල යාපා මහතා පෙන්වා දුන්නේය.

මෙහි දී අමාත්‍යවරයා ඉල්ලා සිටියේ පවතින ආර්ථික අපහසුතා තත්ත්වය මත පෞද්ගලික අංශයේ සේවකයන්ට කිසියම් ආකාරයක දීමනාවක් පෞද්ගලික අංශයේ සේවකයන්ට ද ලබාදීමට කටයුතු කරන ලෙසයි.

පවතින තත්වය හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් සේවකයා මෙන්ම හාම්පුතුන් ද ආරක්ෂා කරගත යුතු යන්න ඇමැතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

එම නිසා මෙහි දි ඉදිරිපත් වූ කරුණු පොදු ලියවිල්ලක් මගින් තමාට ලබා දෙන ලෙසත් එය අමාත්‍ය මණ්ඩල සංදේශය ලෙස කඩිනමින් ඉදිරිපත් කරන බව ඇමැතිවරයා මෙහි දී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07