“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” වෙනුවෙන් නත්තල් දිනයේ දී ජනපතිගෙන් පොරොන්දුවක්

2024 වර්ෂයේ දෙසැම්බර් මස 25 වැනි දින වන අද දිනට යෙදී ඇති නත්තල් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද විශේෂ නත්තල් දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කරන්නේ මෙවැන්නක්;

‘ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන ‘නත්තල’ ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති. සියල්ලෝ දුකින් මුදා ගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ කිසිදු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදි වූ භේද ඇසතින් නොබැලූහ. උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේ දී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය ප්‍රජාවක් වූ එඬේරුන් අතර ඉපදීමට තෝරා ගත්තේ ද, දේව දූතයන් ඔවුන් වෙත සුබ පණිවිඩය ගෙන ආවේ ද එහෙයිනි. එහෙයින්, නත්තලේ යටි අරුත වනුයේ වාද භේද දුර ලා මනුෂ්‍යත්වයේ නාමයෙන්, සමගියෙන් හා සාමයෙන් කටයුතු කිරීමයි. සාමයේ පණිවිඩය රැගෙන ආ නත්තල අප සමරනුයේ නත්තලේ සැබෑ අරුත වන සාමය විද්‍යමාන වන පසුබිමක සිට වීම මෙහි ලා සඳහන් කරනුයේ හද මහත් ප්‍රීතියෙනි.

සියලු ජන කොටස් එකාවන්ව ඒකායන පරමාර්ථයකින් සාමුහික වගකීමක් සේ සලකා දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු වූ අවස්ථාවකට අප එළැඹ ඇත්තෙමු. සාමයේ හා සමගියේ යදමින් බැඳි දේශයට උදාවන නව අරුණැල්ලක පහස විඳිමින් සිටින්නෙමු. එම ප්‍රදීප්තය ජේසුස් වහන්සේ අප වෙත රැගෙන ආ ප්‍රේමයේ ඇරුණැල්ලමය. භේදයේ අඳුර දුර ලා සාමය රජයන සහෘදයින්ගේ දේශය බවට අප රට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් පවතින බව අපි අත්දකිමු. මනුෂ්‍ය නිදහස හා සාධාරණත්වයේ පදනම මත පිහිටා ජේසුස් වහන්සේ කළ අරගලය නිසාම උන්වහන්සේ පූජනීයත්වයට පත් විය. එම මනුෂ්‍ය නිදහස සහ සාධාරණත්වය අගයමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම වර්තමානයේ යථාවක් කිරීමට රජයක් ලෙස අප කැප වී සිටින්නෙමු.

වර්තමානයේ ශ්‍රී ලංකාවට අවැසි සමාජ පරිවර්තනය දැවැන්ත සමාජ පරිවර්තනයකි. නිදහසින් අවුරුදු 76කට පසුව සිදු වීමට නියමිත ක්ෂේත්‍ර එකක හෝ කිහිපයක පරිවර්තනයකට එහා ගිය සමස්ත සමාජ පරිවර්තනයකි. පුනරුදයකි. එම ජාතික පුනරුදය වෙනුවෙන් ඉමහත් කැපවීමකින්, ඉවසීමකින්, සංයමයකින්, අප්‍රතිහත ධෛර්යෙන් හා නොපසුබස්නා වීර්යයෙන් යුතුව කටයුතු කරමින් සිටින අප රජය වටා රොඳ බැඳගත් දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිදු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා ඔවුන් අපේක්ෂා කරන “පොහොසත් රටක් – ලස්සන් ජීවිතයක්” උදා කර දීමේ ඒකායන අරමුණ වෙනුවෙන් තව තවත් වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කැප වන බව මෙම උතුම් නත්තලේ දී මම යළි අවධාරණය කරමි.

ආත්මාර්ථකාමී හා අහිතකර තරගයට සමාජ පද්ධතිය විසින් බල කරනු ලැබ ඇතත්, නත්තලේ දී ප්‍රකට කරන මානව ගුණාංග සිත් තුළ වර්ධනය කර ගනිමින්, සමානාත්මතාව ගරු කරමින්, අනෙකා පිළිබඳ හැඟීමෙන්, සහෝදරත්වය, සහජීවනය අගයමින්, ඒ සමාජ පද්ධතිය, යහපත් හා සතුටු දායක සමාජයක් කරා මෙහෙය වීමට සැවොම අත්වැල් බැඳ ගැනීම මේ මොහොතේ පුරවැසියන් ලෙස අප ගත යුතු තීරණයයි. ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය අරමුණු කර ගත් අව්‍යාජ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් මෙන්ම, මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු, සුන්දර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වීමට මෙම උතුම් නත්තලේ දී අපි සියලු දෙනා අදිටන් කර ගනිමු.

ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සමස්ත කිතුණු බැතිමතුන්ට සුබ නත්තලක් වේවා’යි ! ප්‍රාර්ථනා කරමි. ”

සටහන අවසන්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රේස් ඇවිත් වෙච්ච විනාශයක්..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33