පොහොර මිලදී ගැනීමට වවුචරයක්

මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා ඊයේ (03) තමන් ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ මෙන්ම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙරටට පොහොර ආනයනය කරන සියලුම සැපයුම් ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද (04) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

යල කන්නය සහ ඉදිරි මහ කන්නයේ රටට අවශ්‍ය පොහොර සැපයීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.

මෙවර යල කන්නයේ දී යූරියා සහ බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් සහ හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් බැගින් සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම මුදල් යොදාගැනීම මගින් ගොවීන්ට යල කන්නයේ දී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් තමන්ට අවශ්‍ය යූරියා පොහොර හෝ බණ්ඩි පොහොර මිලදී ගැනීමට ඉඩ සැලසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම 2023/24 මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්වන අතර, රටට අවශ්‍ය පොහොර සැපයීම සම්පූර්ණයෙන් ම පුද්ගලික අංශය වෙත පැවරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනවා.

රජයට අයත් පොහොර සමාගම් 02 ඔවුන් සතු මුදල් යොදා ගනිමින්, පොහොර ආනයනය හා බෙදාහැරීම සිදු කළ හැකියි.

ගොවීන්ට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා ගොවිජනතාවට ඔවුන්ගේ ගිණුම්වලට රුපියල් 40,000 -50,000 හෝ ඊට වැඩි මුදලක් රජය විසින් බැර කිරීමට නියමිත බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා.

කෙසේ වුව ද පොහොර ප්‍රමිතිය පිළිබඳව අධීක්ෂණය රජය විසින් අඛණ්ඩව සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19