AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුවේ සභාපති තනතුර දේශපාලනයෙන් පිටස්තරයෙකුට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ, සඳහා වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර පොදුජන පෙරමුණේ සභාපති තනතුර වෙනුවෙන් තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇති බව සඳහන්.

ඒ, අනුව ඉදිරි දිනවල දී, පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙක් පත් කිරීම සිදුවනු ඇති.

මීට පෙර එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පීරිස් එම තනතුරින් නෙරපීමට පක්ෂයේ විධායක සභාව පසුගිය දා තීරණය කළා.

විධායක සභාවේ ඒකමතික තීරණය මත මෙම තීරණයට එළ‍ඹි බවයි පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?