පොහොට්ටුවේ මහ ලේකම් අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබෙනවා.

ඒ, පසුගිය දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක දී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.

මහ ලේකම්වරයා අද පෙරවරුවේ එම කාර්යාංශය හමුවේ පෙනී සිටීමට නියමිතයව තිබෙනවා

.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසන්නේ එදින තමන් සිදුකළ ප්‍රකාශයට ඇතැම් පාර්ශ්ව වැරදි අර්ථකථන ලබාදී ඇති බවයි.