පසුගිය 17 වැනිදා කන්කසන්තුරෙයි පොලීසිය ආසන්නයේදී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් හමු වූ අතර මෙලෙස මිය ගොස් තිබුණේ 24 හැවිරිදි එම්.ජෙනුසන් නම් තරුණයෙක්.
අදාළ මිය ගිය තරුණයාගේ හිස ප්‍රදේශයේ තිබූ තුවාලයක් හේතුවෙන් සිදුකරන ලද අධිකරණ වෛද්‍ය පරික්ෂණයකදී හෙළි වී ඇත්තේ කිසියම් මොට ආයුධයකින් හිසට පහරදීමෙන් ඇති වූ ලේ ගැලීමෙන් මෙම තරුණයා මිය ගොස් ඇති බවයි.
අනතුරුව කන්කසන්තුරෙයි පොලීසිය විසින් සිරුර හමු වූ ස්ථානය ආසන්නයේ සිදුකරන ලද සී.සී.ටී.වී. පරික්ෂා කිරීමේදී තවත් පුද්ගලයෙකු පහරදී ඇති බවට අනාවරනය වී තිබෙනවා.
පසුව එම පුද්ගලයා සැක පිට අත්අඩංගුවට ගෙන මෙලෙස මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ලබන ඔක්තෝම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා නියෝග කොට තිබෙනවා.
(රොමේෂ් මධුෂංඛ – වව්නියාව)