පොලීසිය ඉදිරියේ ම තරුණයෙකුට හිසට පහර දී මරා දාලා

පසුගිය 17 වැනිදා කන්කසන්තුරෙයි පොලීසිය ආසන්නයේදී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් හමු වූ අතර මෙලෙස මිය ගොස් තිබුණේ 24 හැවිරිදි එම්.ජෙනුසන් නම් තරුණයෙක්.

අදාළ මිය ගිය තරුණයාගේ හිස ප්‍රදේශයේ තිබූ තුවාලයක් හේතුවෙන් සිදුකරන ලද අධිකරණ වෛද්‍ය පරික්ෂණයකදී හෙළි වී ඇත්තේ කිසියම් මොට ආයුධයකින් හිසට පහරදීමෙන් ඇති වූ ලේ ගැලීමෙන් මෙම තරුණයා මිය ගොස් ඇති බවයි.

අනතුරුව කන්කසන්තුරෙයි පොලීසිය විසින් සිරුර හමු වූ ස්ථානය ආසන්නයේ සිදුකරන ලද සී.සී.ටී.වී. පරික්ෂා කිරීමේදී තවත් පුද්ගලයෙකු පහරදී ඇති බවට අනාවරනය වී තිබෙනවා.

පසුව එම පුද්ගලයා සැක පිට අත්අඩංගුවට ගෙන මෙලෙස මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ලබන ඔක්තෝම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා නියෝග කොට තිබෙනවා.

(රොමේෂ් මධුෂංඛ – වව්නියාව)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26