AFC Banner
Empty Ad
Empty Ad

පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම හා සාපරාධී බලහත්කාරය පෑම යන සිද්ධීන්ට අදාළව මෙම පරික්ෂණ ක්‍රියාත්මකයි.පොලීසිය පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාආරච්චි මහතාගේ පුත්‍රයා වන සැකකාර රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ මේ වන විට පොලිසිය මඟහරිමින් ප්‍රදේශයෙන් බැහැරව සැඟව සිටින බවට තොරතුරු ලැබී ඇති බවය.

සිද්ධියට අදාළ සැරයන්වරයා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර සැකකරු, සැකකාරිය  හා ඔවුන්ගේ sgPG-4507 දරණ කැබ් රථය පිළිබඳව තොරතුරක් දන්නේ නම් වීරකැටිය පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඉල්ලීමක් කර සිටී.

අදාළ දුරකථන අංක පහතින් 

ස්ථානාධිපති වීරකැටිය – 071-8591493
වීරකැටිය පොලිස් ස්ථානය – 047-2246226

නිවසක් පිටුපස බෝ01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?