පොලිසියේ පිරිසක් ගැන පොලිසියෙන් පරීක්ෂණ

ව්‍යාපාරිකයෙකුට දෙදෙනකුට පහර දී රුපියල් කෝටි 8කට ආසන්න වටිනාකමින් යුතු රත්‍රන් කිලෝ දෙකක් පැහැර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු අංශ තුනක නිලධාරීන් අට දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, කොට්ඨාශ අපරාධ බුද්ධි ඒකකය සහ මෝදර පොලිසියේ අපරාධ අංශය යන අංශවල උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් 4 දෙනෙකුගෙන්.

ව්‍යාපාරිකයෙකුට පහරදී පොලිස් නිලධාරීන් පිරිසක් රත්‍රං කිලෝ ග්‍රෑම් 2ක් පැහැරගත් බව පවසමින් පොලිස්පතිවරයාට නිර්නාමික පෙත්සමක් ලැබී තිබුණා.

අනතුරුව පුද්ගලයෙකු ඉදිරිපත් වී අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පැවරෙන්නේ එහි අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා වෙතටයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කොළඹ උතුර පොලිස් කොට්ඨාසයේ පොලිස් අංශ තුනක පොලිස් නිලධාරීන් 8 දෙනෙකු පෙරේදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

එහිදී පැය 9ක පමණ කාලයක් විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කරගත් බව සඳහන්.

තමන් මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා අදාළ පුද්ගලයා පරීක්ෂා කළ බවත් රත්‍රං පැහැරගැනීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එහිදී පොලිස් නිලධාරීන් පැවසූ බව වාර්තා වනවා.

අදාළ පොලිස් නිලධාරීන් අතර බුද්ධි නිලධාරීන් ද සිටින බවටයි පැවසෙන්නේ.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ පොලිස් නිලධාරීන් අනුයුක්තව සිටි අංශ තුනේ තොරතුරු පොත් මුද්‍රා තබා සිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ පැමිණිල්ල සිදුකළ ව්‍යාපාරිකයා වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මසකට 12 වතාවක් පමණ විදෙස්ගතවන පුද්ගලෙයකු බවද සඳහන්.

ඒ අනුව, ඉදිරියේදී ඔහුගෙන් ද ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00