පොලිසියේ පිරිසක් ගැන පොලිසියෙන් පරීක්ෂණ

ව්‍යාපාරිකයෙකුට දෙදෙනකුට පහර දී රුපියල් කෝටි 8කට ආසන්න වටිනාකමින් යුතු රත්‍රන් කිලෝ දෙකක් පැහැර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු අංශ තුනක නිලධාරීන් අට දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, කොට්ඨාශ අපරාධ බුද්ධි ඒකකය සහ මෝදර පොලිසියේ අපරාධ අංශය යන අංශවල උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් 4 දෙනෙකුගෙන්.

ව්‍යාපාරිකයෙකුට පහරදී පොලිස් නිලධාරීන් පිරිසක් රත්‍රං කිලෝ ග්‍රෑම් 2ක් පැහැරගත් බව පවසමින් පොලිස්පතිවරයාට නිර්නාමික පෙත්සමක් ලැබී තිබුණා.

අනතුරුව පුද්ගලයෙකු ඉදිරිපත් වී අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පැවරෙන්නේ එහි අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා වෙතටයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කොළඹ උතුර පොලිස් කොට්ඨාසයේ පොලිස් අංශ තුනක පොලිස් නිලධාරීන් 8 දෙනෙකු පෙරේදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

එහිදී පැය 9ක පමණ කාලයක් විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කරගත් බව සඳහන්.

තමන් මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා අදාළ පුද්ගලයා පරීක්ෂා කළ බවත් රත්‍රං පැහැරගැනීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එහිදී පොලිස් නිලධාරීන් පැවසූ බව වාර්තා වනවා.

අදාළ පොලිස් නිලධාරීන් අතර බුද්ධි නිලධාරීන් ද සිටින බවටයි පැවසෙන්නේ.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ පොලිස් නිලධාරීන් අනුයුක්තව සිටි අංශ තුනේ තොරතුරු පොත් මුද්‍රා තබා සිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ පැමිණිල්ල සිදුකළ ව්‍යාපාරිකයා වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මසකට 12 වතාවක් පමණ විදෙස්ගතවන පුද්ගලෙයකු බවද සඳහන්.

ඒ අනුව, ඉදිරියේදී ඔහුගෙන් ද ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21