Empty Ad
AFC Banner
Empty Ad

පොලිසියට වෙඩි තියන්න හැදූ සැකකරුට යතුරුපැදිය දුන් පුද්ගලයා අත්අඩංගුවට

මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තැබීමට උත්සහ දැරීමේදී අත්අඩංගුවට ගත්  සැකකරුවෙකුට යතුරු පැදියක් ලබාදුන් පුද්ගලයකු පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ නිවසකදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සමඟ අඩි දෙකක් පමණ දිගැති මන්නා පිහි දෙකක් ද සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 19 වනදා මුල්ලේරියාව පොලිසිය සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී  සැක කටයුතු තී රෝද රථයක් නවතා එහි සිටි පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කිරීමේදී එම පුද්ගලයා සඟවාගෙන සිටි ගිනි අවියකින් පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තැබීමට උත්සාහ කර තිබුණා.

වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එය වළක්වා සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරු  මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම සහ වෙඩි තැබීම් රැසකට සම්බන්ධ වරෙන්තු හයක් ඇති අපරාධ 28කට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී ඔහුට යතුරුපැදිය ලබාදුන් පුද්ගලයා මන්නා පිහි දෙක සමග අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු 44 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21

?