පොලිසියට ආ කාන්තාව පිරිමියෙක් ලෙස උසාවියට

පුද්ගලයන් විදේශ ගත කරන බව පවසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් පිරිමි හැදුනුම්පතක් ඉදිරිපත් කිරීමත් සමඟම පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පුදුමයට පත් කිරීමේ සිදුවීමක් පිළියන්දල පොලිසියෙන් වාර්තා වනවා.

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පැවසූ පිළියන්දල ප්‍රදේශයේ කාන්තාවකට රුපියල් පන්ලක්ෂ හැට දහසක මුදලක් ලබා දුන් බවත් මේ වන විට මාස හතක් ගතවී ඇතත් දිනෙන් දින කල් යවමින් එය ඉටු නොකළ බව පවසමින් පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව අදාළ කාන්තාව පිළියන්දල පොලිසියේ අපරාධ අංශය වෙත කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇත්තේ තමන් වෙත පැමිණිලිකාර පුද්ගලයන් මුදල් ලබා දුන් අතර තමන් අතරමැදියෙක් පමණක් බැවින් එම මුදල් විදේශ ගත කිරීමට පොරොන්දු වූ තමන් දන්නා හඳුනන පිළියන්දල ප්‍රදේශයේ ම කාන්තාවකට ලබා දුන් බවයි.

පසුව සැකකාර කාන්තාවගේ එම ප්‍රකාශය සටහන් කරගෙන මුදල් ලබාගත් බව කියන කාන්තාව පොලිසියට කැඳවීමට වහාම පියවර ගන්නා ලෙසටයි පොලිසිය දැනුම්දී ඇත්තේ.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව කාන්තාව ගේ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු ඇය මුදල් දුන් බව කියන කාන්තාවගේ ජංගම දුරකථන අංකය ලබාගෙන වහාම පස්වරු 4 ට පිළියන්දල පොලිසියේ අපරාධ අංශයේ පෙනී සිටින ලෙස දැනුම්දීමට පොලිස් නිලධාරිනියක් කටයුතු කර තිබෙනවා.

පස්වරු 4ට කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසුණ කාන්තාවක් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිටි අතර පැමිණිලිකරුවන් ද කැඳවා පැමිණිල්ල විභාග කිරීමේ දී ඇය විදේශ ගත කරන බව පවසා මුදල් ලබා ගත් බව පිළිගෙන ඇතැයි සඳහන්.

ඒ අනුව පොලිස් නිලධාරිනියක් කැඳවූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස කළ දැනුම්දීමක් අනුව එම නිලධාරිනිය ඇයගෙන් හැඳුනුම්පත ඉල්ලාගෙන එහි ඇති නම සටහන් කිරීමට පරික්ෂා කිරීමේදී පිරිමි නමක් එහි දකින්නට ලැබීමත් සමගම එහි තිබෙන ඡායාරූපය දෙස බලා කාන්තාව දෙස බැලීමේදී හැඳුනුම්පතෙහි තිබෙන ඡායාරූපය ම එම කාන්තාවගේ රුව බවට දැකීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ඒ පිළිබඳ දැනුම්දී තිබෙනවා.

පොලිස් නිලධාරිනියගේ එම ප්‍රකාශයත් සමඟම නිරතවී සිටි කාර්යය මඳකට නතර කල අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මුදල් වංචා කළ බව කියන කාන්තාව කැඳවා පිරිමි නමක් ඇති හැඳුනුම්පතක් භාවිත කරනු ලබන්නේ ඇයි ද යන්න ප්‍රශ්න කළා.

එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් මීට මාස කීපයකට ඉහතදී හෝමෝන විපර්යාසයකට ලක්වූ බවත් ඒ පිළිබඳ ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දී නව හැඳුනුම්පතක් ද සකස් කළ බවයි.

එම ප්‍රකාශයක් සමඟම පොලිස් නිලධාරියෙක් කැඳවූ ස්ථානාධිපතිවරයා සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස දැනුම් දීමට පියවර ගෙන තිබුණා.

සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43