පොලිසියට අවශ්‍යව සිටි රත්තරන් හොරු දෙදෙනෙක් මාට්ටු

මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව මීගමුව පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (04) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 42 හා 44 වයස්වල පසුවන වැල්ලම්පිටිය හා කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සම්බන්ධව සිදු කරන ලද විමර්ශනයේදී පුත්තලම පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමකට ද මෙම සැකකරුවන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මොවුන් විසින් සොරකම් කරන ලද රන් මුදු 12ක්, සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මීගමුව පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකම සඳහා සැකකරුවන් පැමිණි යතුරු පැදිය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එම අපරාධයට අදාල සොරකම් කරන ලද රන් භාණ්ඩ සොයාගැනීමට මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26