පොලිස්පතිවරයා විසින් පොලිස් සැපයුම් කොට්ඨාසය මගින් පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා සුනඛයන් 35 ක් මිලදී ගැනීමට ලංසු කැඳවා තිබෙනවා.
ඇතැම් සුනඛයන් වයසට යෑම සහ සැලකිය යුතු සුනඛයන් සංඛ්‍යාවක් මිය යාම නිසා මෙලෙස මිලදී ගන්නා බව පොලිස් මූලස්ථානය සදහන් කළා.
මේ වනවිට පොලිස් නිල සුනඛයන් හාරසියයක පමණ පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සිටින නමුත් වැඩිදුර අවශ්‍යතාව මත මෙම පියවර ගෙන තිබෙනවා.සුනඛයන් සැපයීමට හැකි ලංසුකරුවන්ට මුද්‍රා තබන ලද ලංසු අයැදුම්පත් ලබන මස 20 වැනිදාට පෙර පොලිස් සැපයුම් කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වෙත යොමුකළ යුතු අතර ඒ සඳහා රුපියල් හයලක්ෂ තිස්පන්දහස් එකසිය පනහක ලංසු බැඳුම්කරයක්ද අයැදුම්කරුවන් විසින් සිදුකළ යුතු වේ.
තවද අත් විලංගු දෙදහස් පන්සියයක්ද මිලදී ගැනීමට පොලිසිය ලංසු කැඳවා තිබේ













