ඉදිරියේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයක් සඳහා ඉදිරිපත්වීමට තමාගේ බලාපොරොත්තුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසනවා.
මහනුවර අද (14) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මැතිවරණයක් සඳහා ඉදිපත්විමට තමාට බාලාපොරොත්තුවක් නොතිබූ බවත්, ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මැතිවරණය සඳහා ඉදිරිපත් වූ බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.













