යොවුන් ක්‍රීඩක අංජල සහ සධීර දක්ෂතා අතර සිටිය දී දික්වැල්ල සංචිතයට කැඳවූ හේතුව දිමුත් පහදයි

වසර 03යි මස 05යි දින 06ක දීර්ඝ විරාමයකට පසුව නිරෝෂන් දික්වැල්ල යළිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීම සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

එම උණුසුම් මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දක්වන්නට මේ වනවිට ඕස්ට්‍රේලියාවේ දිවිගෙවන ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද එක්ව ඇති ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත වුණා.

දිමුත් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, නිරෝෂන් දික්වැල්ල යළි ටෙස්ට් සංචිතයට කැඳවීමට
තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ ඔහුගේ කඩුලු රැකීමේ හැකියාව සහ ටෙස්ට් තරග රටාව තුළ ඇති අත්දැකීම් බහුලත්වය සලකා බලමින් විය හැකි බවයි.

කෙසේ වෙතත් වර්තමානයේ දක්ෂතා සම්බන්ධයෙන් සලකා බැලීමේ දී නිරෝෂන් දික්වැල්ලට වඩා යොවුන් ක්‍රීඩක අංජල බණ්ඩාර සහ සධීර සමරවික්‍රම පිතිකරණය අශයෙන් ඉදිරියෙන් සිටින බවයි දිමුත් පවසන්නේ.

කෙසේ වෙතත් හෙට ආරම්භ වන ටෙස්ට් තරගයත් සමඟ, මෙම තරගාවලිය නිරෝෂන් දික්වැල්ලට තමන්ගේ දක්ෂතා නැවතත් තහවුරු කිරීමට ලැබෙන අතිශය තීරණාත්මක අවස්ථාවක් බවයි වැඩිදුරටත් දිමුත් සඳහන් කර ඇත්තේ.

මෙම තරගාවලිය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් අනාගතයට කොතරම් වැදගත් විය හැකිදැයි ඔහු දන්නා බව තමාට විශ්වාස බවත් දිමුත් සිය ෆේස්බුක් සටහනේ දක්වා තිබෙනවා.

මේ අතර තමන් නායකත්වට දරණ සමයේ හිටපු කණ්ඩායම් සගයාට ඉදිරි තරගාවලිය සඳහා සුබපැතුම් එක් කිරීමට ද දිමුත් කරුණාරත්න මෙහිදී කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39