පොලිස් ස්ථානයක කොවිඩ් පොකුරක්

වැල්ලවාය, පොලිස් ස්ථානයේ නිලධාරීන් දාහත් දෙනෙකුට කොවිඩ් -19 ආසාදිදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

එම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට සිදුකළ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ඒ බව හඳුනාගත් බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

එම පොලිස් ස්ථානයේ කාන්තා නිලධාරීනියන් හතර දෙනෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම නිසා ඊයේ (27) වැල්ලවාය මූලික රෝහලේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරගෙන ඇත.

එහිදී එම නිලධාරිනියන් හතර දෙනාම කොවිඩ් ආසාදිත බවට අනාවරණය දී තිබේ.

එම නිසා වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල ළඟම නෑදෑයන්ව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අද දින යොමුකර තිබුණි.

අද දින වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල නෑදෑයන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 96ක් සිදුකර ඇති අතර ඒ අනුව විසි දෙනෙක් කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී තිබේ.

ඉන් දහතුන් දෙනෙකු වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් වන අතර අනෙක් හත් දෙනා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය එස්.එච් පියසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දහතුන්දෙනා ද සමග වැල්ලවාය පොලිස් ස්ථානයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 17 දක්වා ඉහළ ගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43