පොලිස් වෙඩි පහරින් මියගිය රොෂාන් අවසන් ගමන් යයි – ප්‍රදේශය අවට දැඩි ආරක්ෂාවක් (වීඩියෝ)

නාරම්මල, දම්පලැස්ස ප්‍රදේශයේ දී පසුගියදා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ රොෂාන් කුමාරසිරිගේ අවසන් කටයුතු අද (21) සිදුකෙරුණා.

ඒ, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් නාරම්මල, වෙන්නරුව පොදු සුසාන භූමියේ දීයි.

ඔහුගේ අවසන් කටයුතු සිදුකර අවස්ථාවේ දී එම ප්‍රදේශය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 18 වනදා පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් හඹා ගිය සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එම ලොරි රථය දම්පලැස්ස ප්‍රදේශයේ නවත්වාගෙන තිබුණා.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීම් අතර තුර දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සිදුකළ වෙඩි තැබීමේ දී එහි රියදුරු ලෙස කටයුතු කළ රොෂාන් කුමාරසිරි ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මියගිය 41 හැවිරිදි රොෂාන් කුමාරසිරි මහරච්චියමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අතර, ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06